හිටපු ජනපතිගේ සිංහරාජ ගැසට්ටුව වසරකට පසු නිකුත් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 16, 2020

හිටපු ජනපතිගේ සිංහරාජ ගැසට්ටුව වසරකට පසු නිකුත් වෙයි

සිංහරාජ රක්ෂිතයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 36 දහස් 474 ක් දක්වා වැඩි කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය වසරේ නොවැම්බර් 11 වැනිදා අත්සන් තැබූ ගැසට් නිවේදනය වසරකට පමණ පසු නිකුත් කර තිබේ. පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා දින සහිතව එය ප්‍රකාශයට පත් කර ඇත.

මෑතකාලීනව සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සිදුකෙරුණු බවට සඳහන් වූ අනවසර ඉදි කිරීම් සමග පරිසර සංවිධාන ඇතුලු පාර්ශව රැසක් මෙම ගැසට් නිවේදනය මේ දක්වා ප්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළ කර තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad