මේක වෙන ලෝකෙක ඉඳලා හදපු අයවැයක්. රටේ ප්‍රධානම ප්‍රශ්නය ගැන කිසිම දෙයක් මේකේ නෑ - හර්ෂ ද සිල්වා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

මේක වෙන ලෝකෙක ඉඳලා හදපු අයවැයක්. රටේ ප්‍රධානම ප්‍රශ්නය ගැන කිසිම දෙයක් මේකේ නෑ - හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාවට මේ වනවිට ඇති ප්‍රධානම ප්‍රශ්නය වන කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව සහ ආර්ථිකය ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳ කිසිවක් මෙවර අයවැය යෝජනාවලියෙහි ඇතුළත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. 

"වෙන ලෝකෙක ඉඳලා හදපු අයවැයක් වගේ තමා මට නම් මේක හැඟුණෙ. ලංකාවට තියෙන ප්‍රධානම ප්‍රශ්නය කොවිඩ් වසංගතයෙන් බැටකාලා ඉන්න සාමාන්‍ය ජනතාව, ආර්ථිකය කොහොමද ගොඩගන්නෙ කියලා. ඒ පිළිබඳ කිසිම දෙයක් මේ අයවැය ප්‍රකාශයේ ඇතුළත් වෙලා නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත කරුණු දක්වමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad