විල්පත්තු අභය භුමිය එළි කිරීම නීතිවිරෝධියි : පෞද්ගලික ධනයෙන් වන වගා කරන්න - හිටපු ඇමති රිෂාඩ්ට අධිකරණයෙන් නියෝග - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 16, 2020

විල්පත්තු අභය භුමිය එළි කිරීම නීතිවිරෝධියි : පෞද්ගලික ධනයෙන් වන වගා කරන්න - හිටපු ඇමති රිෂාඩ්ට අධිකරණයෙන් නියෝග

විල්පත්තු අභය භුමියේ කල්ලාරු බිම් ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට අභියාචනාධිකරණය තීරණය කරනු ලැබුවා. ඒ එම භුමි ප්‍රදේශයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීම නීති විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ පෙත්සමකට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින්.

එම නියෝගය නිකුත් කරමින් අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට නියෝග කරනු ලැබුවේ සිය පෞද්ගලික මුදලින් එළිපෙහෙළි කළ කල්ලාරු භුමි ප්‍රදේශය යළි වන වගාව ඇති කරන ලෙසයි. 

මෙම කටයුතු සදහා ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය අභියාචනාධිකරණය දැඩි ලෙස විවේචනයට ලක් කළ අතර පෙත්සම්කරුගේ නඩු ගාස්තු රජයට සහ රිෂාඩ් බදුර්දීන් මහතාට ගෙවන ලෙසට නියෝග කරන ලදී.

මෙම නියෝගය  අභියාචනාධිකරණයේ විනිසුරු ජනක් ද සිල්වා මහතා සහ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කරන ලදි.   

වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත.      


No comments:

Post a Comment

Post Bottom Ad