දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 28, 2020

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් !

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළ ඇතැම් ප්‍රදේශවලින් ද මේ වනවිට යළිත් නව ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බවය.

විශේෂයෙන් කොළඹ මහනගර සීමාවෙන් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

නව ආසාදිතයින් හඳුනාගන්නා ප්‍රදේශවල සංචරණ කටයුතු සීමා කිරීම් ප්‍රමාදයකින් තොරව සිදුකළ යුතු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad