කොරෝනා සිරුරු භූමදානයට තලෙයිමන්නාරම තෝරාගෙන? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

කොරෝනා සිරුරු භූමදානයට තලෙයිමන්නාරම තෝරාගෙන?

කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීම සදහා තලෙයිමන්නාරම ප්‍රදේශය යොදාගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ‘ඩේලිමිරර්’ පුවත්පත වාර්තා කොට තිබේ.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය කමිටු නිර්දේශ ලැබීමෙන් පසු අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද එම පුවත්පත වාර්තා කොට ඇත.

මුස්ලිම් සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දිය යුතු බවට එම පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද සාකච්ජාවක් පැවැත්වී තිබේ.

එහිදී එක් පාර්ශ්වයක් මුස්ලිම් සිරුරු භූමදානයට අවසර ලබා දීමට තීන්දුවක් ගත් බව ප්‍රකාශ කළ අතර තවත් පිරිසක් කියා සිටියේ එවැනි තීන්දුවක් කැබිනට් මණ්ඩලයෙන් නොගත් බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad