සමාජ මාධ්‍ය ජාලයේ පළ වූ ඡායාරූපය සංස්කරණය කළ එකක් නොවේ – CIDයේදී තහවුරු වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

සමාජ මාධ්‍ය ජාලයේ පළ වූ ඡායාරූපය සංස්කරණය කළ එකක් නොවේ – CIDයේදී තහවුරු වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ කැඳවා තිබුනා.

ඒ අනුව ඒ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති අතර එහිදී පරිඝනක අංශයෙන් ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමක් සිදුකර තිබුනා.

ඉන් පසුව සමාජ මාධ්‍ය අපරාධ නිරීක්ෂණ අංශයට ධනුෂ්ක මහතාව යොමු කර තිබූ අතර එහිදී එම නිලධාරීන් කල ප්‍රශ්න කිරීම් වලට වලට තොරතුරු ලබාදීමක් සිදුකර තිබුනා

විවිධ ස්ථාන වලදී එම ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට සටහන් වී තිබුනත් එය සංස්කරණය නොකරන සත්‍ය ඡායාරූපයක් බව එහිදී තහවුරු කරගත් බවත් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයේ ඡායාරූප ගැනීමෙන් වැළකීමට උපදෙස් ලබා දී තිබියදී එවැනි ඡායාරූපයක් පිටතට පැමිණීම ජනාධිපතිතුමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මත පදනම් ව මෙම ප්‍රශ්න කිරීම් කරන බව වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසීය.

ධනුෂ්ක රාමනායක මහතා දැක්වූ අදහස් පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad