මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගෙන් CIDය පැය 4ක ප්‍රකාශයක් ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගෙන් CIDය පැය 4ක ප්‍රකාශයක් ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 4ක ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරු වන සහරාන්ගේ බිරිඳ විසින් සිදුකළා යැයි පැවසෙන ප්‍රකාශයක කරුණු පදනම් කරගමිනින් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විසින් 2020.11.12 වන දින පැවැත් වු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී මන්ත්‍රීවරයා විසින් සඳහන් කර ඇත්තේ, සහරාන් ඇතුළු කණ්ඩායමට මුදල් ලැබුණු ආකාරය, ඔහුගේ බිරිඳ වන ෆාතිමා හාදියාගේ ජීවිතයට තර්ජනයක් ඇති බව හා ඇය තංගල්ල බන්ධනාගාරයේ රැඳවීමක් ගැන යැයි පොලීසිය පවසයි.

බන්ධනාගාර බලධාරීන් පවසා ඇත්තේ ඇය කිසිම ආකාරයට තංගල්ල බන්ධනාගාරයේ රඳවා ගැනීමක් සිදුනොකළ බව යැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මාධ්‍ය සාකච්ඡාවේ දී මන්ත්‍රීවරයා විසින් ඉහත කරුණු අවිනිශ්චිත හා මතබේදාත්මක කරුණු සම්බන්ධයෙන් විමසීමක් කර ඊයේ (16)දිනයේ සවස 2.30 සිට පැය 4ක කාලයක් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.


No comments:

Post a Comment

Post Bottom Ad