“මම දැන් යනවා – තව අවුරුදු 04කින් ආයේ එනවා” - ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවේ ක්‍රමයට වැඩ කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 2, 2020

“මම දැන් යනවා – තව අවුරුදු 04කින් ආයේ එනවා” - ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවේ ක්‍රමයට වැඩ කරයි

වල මන්දිරයේ සංවිධානය කර තිබූ සාදයකදී ඇමෙරිකානු වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශය කර තිබුණේ “…මේ අවුරුදු හතර පුදුම සහගත අවුරුදු 4ක්.. අපි තවත් අවුරුදු 04කට උත්සාහ කරනවා.. එහෙමත් නැත්නම් අපි තවත් අවුරුදු 04කින් හමුවෙයි” යනුවෙනි.

මෙම සාදයට රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබලයින් ද සහභාගී වී සිටි අතර මාධ්‍ය සඳහා එහි ඉඩකඩ ලබා දී නොතිබුණි. නමුත් ට්‍රම්ප්ගේ ඉහත ප්‍රකාශය දැක්වෙන වීඩියෝ පටයක් සමාජජාල තුළ වේගයෙන් සංසරණය වී තිබේ.

නොවැම්බර් 03 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජයගෙන ඇති බවට තහවුරු වුවත් ට්‍රම්ප් විසින් තවමත් පරාජය බාර ගැනීමට සුදානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෑත කාලයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු ධූර කාලයේ සිටියදී දෙවනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවත්, ජනාධිපතිවරයෙකු ලෙස සිට විශ්‍රාම ගොස් නැවත ජනාධිපතිවරයෙකු ඉල්ලු අවස්ථාවන් වාර්තා නොවීමද විශේෂත්වයකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකි වුණත්, ඔහුට ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථාව ඉතාමත් අල්ප වනු ඇති බවටද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad