පවිත්‍රාට විරුද්දව නඩු දමයි.. වෛද්‍ය සභාව අවුල් ජාලයක් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 2, 2020

පවිත්‍රාට විරුද්දව නඩු දමයි.. වෛද්‍ය සභාව අවුල් ජාලයක් වෙයි

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට විරුද්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පස් දෙනෙකු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

ඔවුන් පස්දෙනා එම ධූරවලින් ඉවත් කරන බව දන්වමින් සෞඛ්‍ය ඇමති විසින් ඔවුන්ට ලිපියක් යවා තිබේ.

එකී ලිපියේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත ඔවුන් එහි සාමාජිකත්වයෙන් ඉවත් කරන බවයි.

එසේ නමුත් තමන් සභාපති ධුරයෙන් ඉවත්වන බව මහාචාර්ය හරේව්ද‍්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇති අතර අනෙක් සාමාජිකයින් ද සඳහන් කර ඇත්තේ ඉවත් නොවන බවයි.

වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීමේ බලය වෛද්‍ය ආඥා පනත අනුව සෞඛ්‍ය ඇමතිට ඇතත් ඔවුන් ඉවත් කිරීමේ බලයක් නැතැයිද සාමාජිකයෝ පෙන්වාදෙති.

එනිසා එම ක්‍රියාමාර්ග විරුද්ධව නීතිමය කටයුතු කරන බවද ඔවුන් ක්‍රියා සිටිති.

ඇතිව තිබෙන තත්වය මත වෛද්‍ය සභාවේ පරිපාලන කටයුතු දැඩි ලෙස ව්‍යාකූල තත්වයට පත්ව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad