මාතලේ නගරාධිපති ධුරයෙන් පන්නයි.. සනාථ වූ චෝදනා මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 2, 2020

මාතලේ නගරාධිපති ධුරයෙන් පන්නයි.. සනාථ වූ චෝදනා මෙන්න

මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතාට එරෙහිව  ඉදිරිපත් ව තිබු චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ වාර්තාව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් පසුගිය 24 දා  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත භාරදෙන ලදී.

ඒ අනුව අදාල වාර්තාවේ ඇතුලත් කරුණු මත පදනම්ව මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සිය ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේදී මහ නගර සභා ආඥාපනතේ (252 අධිකාරිය) 277 (I)(අ), (ඇ).(ඈ) සහ (ඉ) වගන්ති වල සදහන් වැරදි සිදුකර ඇති බවට සාක්ෂි පවතින බැවින්, මහා නගර සභා ආඥා පනත යටතේ පළාත් ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2020.12.02 දින සිට මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් නන්දලාල් අළුවිහාරේ මහතා සිය ධූරයෙන් පහකර ඇත.

ඒ බව දැක්වෙන ගැසට් නිවේදනය ඊයේ (2) නිකුත් කර තිබුනි.

– රුක්මාල් දුෂාන්ත


No comments:

Post a Comment

Post Bottom Ad