චන්ඩි ඉන්නවද ? සමුපකාර ක්‍රමයට විසඳගන්න අපිත් දන්නවා - ඥානසාර හිමි දෙවනගලට ගිහින් අසයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 2, 2020

චන්ඩි ඉන්නවද ? සමුපකාර ක්‍රමයට විසඳගන්න අපිත් දන්නවා - ඥානසාර හිමි දෙවනගලට ගිහින් අසයි - (video)

සුගියදා දෙවනගල පුරාවිද්‍යා භූමිය ආශ්‍රිතව ඇති වූ උණුසුම් තත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු පිරිසක් එහි සංචාරයක නිරත විය. මේ එහිදී ඥානසාර හිමි දැක්වූ අදහස්ය.

'පූජාභූමිය වැඳගන්න මිනිස්සුන්ට ඉඩ දෙන්න ඕන. තමුන්නාන්සෙලාගෙ ප්‍රශ්නයක් තියනව නං සාකච්ඡා කරලා විසඳගන්න පුලුවන්. එහෙම නැතුව මේ හොර ඔප්පු හදාගෙන එක එකාගෙ හයිය අරගෙන ඒවට ලෑස්ති වෙන්න එපා. එහෙම මොනව හරි ඇට තලාගන්න ඕන නං ඒකත් මිනිස්සු කරයි. අනවශ්‍ය ප්‍රශ්න හදාගෙන ‍ලේ හලාගෙන මේ ප්‍රශ්න විසදන්න බෑ. මේවා මෙ‍ාන දෙයින් වසාගෙන හිටියත් මේවයෙ තියනවා ඇත්ත කියලා දෙයක්. සිංහල මිනිහත් ජීවත් වෙන්න ඕන, මුස්ලිම් මිනිහත් ජීවත් වෙන්න ඕන, ඒ කිසී ප්‍රශ්නයක් නෑ. හැබැයි පුරාවස්තු කියලා දෙයක් තියනව නං ඒක රැකෙන්න ඕන. පුරාවස්තු කියන දේ ඕගොල්ලන්ගෙ පරම්පරාවට විතරක් අයිති දෙයක් නෙවෙයි.'

'පුරාවස්තු ආරක්ෂා කරන්න තමයි පුරාවිද්‍යා කියලා එකක් තියෙන්නෙ. ඒ මිනිස්සු, පොලීසිය ඒවා ආරක්ෂා කරන්න බය නං නීතිය අතට අරගෙන හරි අපි ඒවා ආරක්ෂා කරනවා. මොකද ඒක අපේ උරුමය. හැබැයි එහෙමයි කියලා අනිත් අයට ඉන්න බෑ කියලා එකක් නෑ. කවුරු හරි ඒකට බාධා කරනව නං ඒකට සමුපකාර ක්‍රමයට හරි සලකන්නත් අපි දන්නවා. අපි කාටවත් බයත් නෑ.'


No comments:

Post a Comment

Post Bottom Ad