ඌවතැන්නේ සුමන හිමි නිදහස් කිරීම පසුපස සිටින්නේ මමයි.. ඉල්ලීම කලේ මමයි - ඩයනා ගමගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 3, 2021

ඌවතැන්නේ සුමන හිමි නිදහස් කිරීම පසුපස සිටින්නේ මමයි.. ඉල්ලීම කලේ මමයි - ඩයනා ගමගේ

පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට නියම කර තිබූ ජීවිතාන්ත සිර දඬුවමෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කර නිදහස් කිරීම පසුපස තමන් සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

2010 වසරේ දී ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණයෙන් වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ උන් වහන්සේට යම් සිදුවීමක් නිසා සිරගත වීමට සිදු වූ බවද පවසන ඇය උන්වහන්සේගේ මෑණියන් මෙම සිදුවීමෙන් දැඩි ලෙස අසරණ වූ බව ද තමන් හමුවීමට පැමිණ හඬා වැලපුණු බව ද සඳහන් කරයි.

එනිසා මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවත් ඉන් පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ඇය කියා සිටියි.

ඒ අනුව ජනාධිපති සමාව යටතේ උන්වහන්සේ නිදහස් වූ බවද මේ සම්බන්ධයෙන් මැදිහත් වූ සියලු පාර්ශ්වයන්ට පින් දෙන බවද ඇය කියා සිටියාය.


No comments:

Post a Comment

Post Bottom Ad