katunayake airport - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 3, 2021

katunayake airport

ටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත කර සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දහසය දෙනකු දූෂණ චෝදනා මත එහි සේවයෙන් ඉවත් කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ විශාල පිරිසකට මෙම නිලධාරීන් ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික ලබාදෙමින් මැදපෙරදිග රටවලට යවා ඇතැයි එම කාර්යාංශය නිලධාරියෙක් සඳහන් කළා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් ලෙසට ව්‍යාජ සහතිකයක් ලබාදීම සඳහා මෙම නිලධාරීන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාගන්නා බවද මේ ආකාරයට ලියාපදිංචිය නොලත් පනස් දෙනකුට පමණ දිනකට හොර රහසේ ගුවන්ගත වීමට අවස්ථාව ලබා දෙන බවද ඉහත ප්‍රකාශකයා පැවසුවා.

ඒ අනුව දිනකට රුපියල් ලක්ෂ 50ක් පමණ උපයා ගන්නා මෙම නිලධාරීන් එම මුදල විදෙස් රැකියා නියෝජ්‍ය ආයතන සමග බෙදා ගන්නා බවද හෙතෙම සඳහා කළා.

කොවිඩ් වසංගතය පැවැතියත් ඇතැම් මැදපෙරදිග රටවලට මේ දිනවල ශ්‍රමිකයන් යවන බව කී ඉහත ප්‍රකාශකයා එසේ පිටව යන අයටද මෙම නිලධාරීන් කාර්යාංශයේ ලියාපදිංචි සහතිකය ව්‍යාජ ලෙස ලබා දී ඇතැයි සඳහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad