කැබිනට් සංශෝධනයක් ලඟදීම! කැබිනට් ඇමැති ධූර 2යි - ඇමැතිකම් හිමිවන්නේ මේ අයටයි - විගස පුවත් - Vigasapuwath

Monday, February 1, 2021

කැබිනට් සංශෝධනයක් ලඟදීම! කැබිනට් ඇමැති ධූර 2යි - ඇමැතිකම් හිමිවන්නේ මේ අයටයි

දිරි දින කිහිපය තුළ සුළු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.

බොහෝ දුරට ඉදිරි දින කිහිපය තුළ නව අමාත්‍යංශයක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින අතර එය අලුත් මන්ත්‍රීවරයෙකුට ලබා දීමට නියමිතය.

ඒ අනුව නව කැබිනට් අමාත්‍ය ධූර දෙකක් සහ රාජ්‍ය අමාත්‍ය ධූර 4ක් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධන‌යේදී පත්කරනු ඇති බව වාර්තා වේ.

මානව හිමිකම් ප්‍රශ්නය මුල්කරගෙන මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුවීමේ ලකුණු පහළ කර තිබීමත් සමග පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී පැවැති ආකාරයට වෙනම මානව හිමිකම් අමාත්‍යංශයක් නිර්මාණය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

බොහෝ දුරට අලුතින් නිර්මාණය කරන මානව හිමිකම් අමාත්‍යංශය මහින්ද සමරසිංහ මහතා යටතට පත් කරනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මානව හිමිකම් චෝදනා එල්ල වූ අවස්ථාවේදීත් මානව හිමිකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මහින්ද සමරසිංහ මහතාය.

මේ අතර නැගෙනහිර පළාතට ආණ්ඩුවේ ආමාත්‍යවරයකු නොමැති වීම හේතුකොටගෙන ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාටද කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *