බැසිල් වහාම පාර්ලිමේන්තු එන්න ඕනෑ : රාජ්‍ය ඇමැතිගෙන් ඉල්ලීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 16, 2021

බැසිල් වහාම පාර්ලිමේන්තු එන්න ඕනෑ : රාජ්‍ය ඇමැතිගෙන් ඉල්ලීමක්

පොහොට්ටුවේ නිර්මාතෘවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා වහාම පාර්ලිමේන්තුවට පැමිණ රටේ ආර්ථිකය වර්ධනය කිරීම සදහා සිය දායකත්වය සැපයිය යුතු බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසා ඇත. පොහොට්ටුවේ සියලුම මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන දිනය දෙස බලා සිටින බවද අමාත්‍යවරයා සදහන් කොට තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට නායකත්වය සැපයිය යුතු බවද ඒ මහතා සදහන් කොට ඇත.

සති අන්ත ඉංග්‍රිසි පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කොට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad