ගම්මන්පිල එන්නත විදගනී : හරීන්-මනූෂ එපා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 16, 2021

ගම්මන්පිල එන්නත විදගනී : හරීන්-මනූෂ එපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති අතර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එන්නත ලබා ගැනීමට කටයුතු කර ඇත.

නාරහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේ දී මෙම එන්නත් කිරීම ආරම්භ විය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිවේදනය කර සිටියේ තමන් කොවිඩ් එන්නත ලබා නොගන්නා බවයි.

අවම වශයෙන් ජනතාවගෙන් මිලියනයකට හෝ එන්නත ලබා දීමෙන් පසුව ඒ පිළිබද සලකා බැලිය හැති බවත්, මන්ත්‍රී වරප්‍රසාදයක් ලෙස අදාළ එන්නත ලබා ගැනීමට තමන් සූදානම් නැති බවත් එම මන්ත්‍රීවරු පෙන්වා දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad