ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවූ කෲඩියා සිලනිකා ශාකය රැක ගැනීම සඳහා මේ වන විට පරිසර සංගම් රැසක් පෙරමුණ ගෙන තිබේ.
අදාළ ශාකය පිහිටි ස්ථානයට අද පෙරවරුවේ මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය ඇතුළු පරිසර සංගම් කිහිපයක් එක්රැස් වී තිබිණි.
ප්‍රදේශවාසියෙකු පැවසුවේ, එම අවස්ථාවේ ගස ඉදිරිපිට පිරිත් සජ්ඣායනාවක් ද සිදුකෙරුණු බවය.
අනතුරුව ගස ආරක්ෂා කිරීම සඳහා ගසේ කඳ වටා චීවරයක් ඇන්දවීමට ද භික්ෂූන් වහන්සේලා පිරිසක් පියවර ගත්හ.
එම අවස්ථාවට එක්ව සිටි භික්ෂූන් වහන්සේලා පැවසුවේ, මෙම ගස ආරක්ෂා කරමින් අධිවේගී මාර්ගය ඉදිකරන බවට මීට පෙර පොරොන්දුවක් දී තිබුණ ද ගස එම ස්ථානයෙන් ඉවත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවය.
එම ශාකය වෙනත් ස්ථානයක රෝපණය කිරීම සාර්ථක විය නොහැකි බව ද උන් වහන්සේලාගේ අදහසයි.

No comments:
Post a Comment