"එතුමගේ කතාව කරන්න ඉඩ දෙන්න" වාසු වෙනුවෙන් විමල් පෙරට එයි! විමල්ගේ කතාවට මැතිසබේ නිහඩයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 10, 2021

"එතුමගේ කතාව කරන්න ඉඩ දෙන්න" වාසු වෙනුවෙන් විමල් පෙරට එයි! විමල්ගේ කතාවට මැතිසබේ නිහඩයි

"එතුමට අවශ්‍ය කාලය අරගෙන එතුමගේ කතාව කරන්න ඉඩ දෙන්න" යැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ කතා කරමින් සිටි අවස්ථාවේදී විමල් වීරවංශ අමාත්‍යවරයා නැගිට ප්‍රකාශ කළේය. ඒ අද(10) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් වාසුදේව අමාත්‍යවරයා සභාව අමතමින් සිටි අවස්ථාවේ අමාත්‍යවරයාට වෙන්වූ කාලය අවසන් වූ බවට මූලාසනයේ සිටි මන්ත්‍රීවරයා දැනුම් දීමත් සමඟය.

එහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසූවේ "දැන් ටිකකට කලින් කතානායකතුමා මූලාසනයේ සිටියදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව සභාව එකඟවුණා එතුමාගේ කතාවෙන් අනතුරුව කල් තැබීමේ විවාදයට ගිහිල්ලා මෙම විවාදය තව දවසකට කල් දාන්න. එතුමාට අවශ්‍ය කාලය අරගෙන එතුමට කතාව කරන්න ඉඩ දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා" 

ඉන්පසු වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සිය කතාව නැවතත් සිදු කළේය.

ඊයේ (9) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දිගින් දිගටම විමල් වීරවංශ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කතා කරද්දී ඔහු වෙනුවෙන් පෙනී සිට ඇත්තේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පමණි.


No comments:

Post a Comment

Post Bottom Ad