පාස්කු ජනාධිපති වාර්තාව හංගාගෙන ඉන්නේ ඇයි? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 11, 2021

පාස්කු ජනාධිපති වාර්තාව හංගාගෙන ඉන්නේ ඇයි?

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසමේ අවසන් වාර්තාව පසුගිය පෙබරවාරි පළවෙනිදා ජනාධිපති ගෝටාබය රාජපක්ෂ වෙත ලබාදී ඇත. එහෙත් එම වාර්තාව නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත හෝ මහජනතාව වෙත ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කර නැත.

පසුගිය දිනක පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි විමර්ෂන කටයුතු සඳහා එම වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා ගන්නා ලෙසය. මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබීමෙන් පසු කැබිනට් රැස්වීම් දෙකක්ම පැවැත්වූ වත් ඒ කිසිවක දී වාර්තා පිළිබඳ සාකච්ඡා කර නැත. වාර්තාව සම්බන්ධයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් පවත්වන බව ප්‍රකාශ කළත් එය මෙතෙක් සිදුවී නැත. පාස්කු ජනාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පසුගිය 08 වනදා පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් ඉල්ලා සිටියත් ආණ්ඩුව එයද සිදු කර නොමැත. මේ අතර මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ඉල්ලා සිටින්නේ තමන් වෙත මේ වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙසයි.

ජනතාවගේ ජීවිත 250ට අධිකව බිළිගත් මේ මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පොලිස්පතිට, නීතිපතිට, පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට, අගරදගුරුට හා ජනතාවට ලබාදීම ආණ්ඩුව එසේ ප්‍රමාද කරන්නේ ඇයි?

No comments:

Post a Comment

Post Bottom Ad