ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් කාණ්ඩ 4ක් සඳහා ලිහිල් නිරෝධායන නීති අනුගමනය කිරීමට ශ්‍රී ලංකා ගුවන්තොටුපල අධිකාරිය තීරණය කර ඇත. එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම සඳහන් කරන්නේ පහත
කණ්ඩායම් සඳහා පමණක් එම නිරෝධායන නීති ලිහිල් කරන බවයි. එසේම මෙතෙක් කල් පැවති මෙරට රැදී සිටිය යුතු අවම දින ගණනේ සීමාව ද ඉවත් කර ඇත. එම ‘වරප්‍රසාදලාභී’ කණ්ඩායම් වන්නේ
සංචාරක වීසා බලපත්‍ර සහිත විදේශිකයන්
ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන්
විදේශීය ජාතිකයෙකු සමඟ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් රැගෙන යන ශ්‍රී ලාංකික කලත්‍රයා හෝ පවුලේ සමීපතමයන් (දරුවා, මව, පියා)
වලංගු නේවාසික වීසා බලපත්‍රයක් සහිත විදේශ ගමන් බලපත්‍ර දරන්නන්
නමුත් මෙම ලිහිල් කිරීම යටතේ විදෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇතුලත් කර නැත. මේ වන විට කුවේට් තානාපති කාර්යාලය අවට රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ඉල්ලන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි. ආණ්ඩුවේ මෙම තීන්දුව මගින් එම ශ්‍රී ලාංකිකයන්ට කිසිදු සහනයක් සලසා නැත.
-lankatruth
No comments:
Post a Comment