විමල් කරන්නේ ජනාධිපතිතුමාගේ කොන්ත්‍රාත්තුවක්ද? - හෙක්ටර් අප්පුහාමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 11, 2021

විමල් කරන්නේ ජනාධිපතිතුමාගේ කොන්ත්‍රාත්තුවක්ද? - හෙක්ටර් අප්පුහාමි

විමල් වීරවංශ අමාත්‍යවරයා කරන්නේ ජනාධිපතිතුමාගේ කොන්ත්‍රාත්තුවක්ද යන්න සැකයක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. 

රාජපක්ෂ පවුල තුළ තිබෙන සීතල යුද්ධය රූකඩ යොදාගෙන එළියේ නටවමින් සිටින බව දැනගන්නට ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. 

මෙම රූකඩ නැටුමෙන් සිදුවෙන්නේ ආණ්ඩුවේ ගෙල සිඳ ගැනීමක් බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී. 
 
''එක පැත්තකින් රාජපක්ෂ වන් අනික් පැත්තෙන් රාජපක්ෂ ටූ. වන් ඇන්ඩ් ටු ගහගන්නවා. මැද වෙනම කණ්ඩායමක් කඩු,කිනිසි,තුවක්කු අරගෙන ඒගොල්ලෝ එකිනෙකා අතර ඇගිල්ල දික්කරගනිමින් දැන් කතිකාව ගොඩනගාගෙන එනවා. පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු කියනවා වීරවංශ පන්නා  දැමිය යුතුයි කියල. වීරවංශලාගේ පැත්තෙන් කියනව අපි තමයි මේක හැදුවේ අපි තමයි මේකේ අයිතිකාරයෝ කියන එක.'' 

මෙම තත්ත්වයන් හමුවේ ජනතාව ඉතා බුධිමත්ව සිතිය යුතු කාලයක් එළඹ තිබෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේ. 

No comments:

Post a Comment

Post Bottom Ad