‘කොරෝනාට මං බය නෑ.. එන්නත මං විදින්නෙ නෑ..’ කියූ රතන හිමි එන්නත් පෝලිමේ මුලින්ම විදගනී.. එන්නත ගත් මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 16, 2021

‘කොරෝනාට මං බය නෑ.. එන්නත මං විදින්නෙ නෑ..’ කියූ රතන හිමි එන්නත් පෝලිමේ මුලින්ම විදගනී.. එන්නත ගත් මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා කොරෝනා එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ යුද හමුදා රෝහලේදී ඊයේ දිනයේ ආරම්භ විය.

ආරම්භක දිනයේදී මන්ත්‍රීවරුන් 19 සඳහා එන්නත් ලබා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද එහිදී එන්නත ලබාගෙන ඇත.

නමුත් රතන හිමියන් මීට දින දෙක තුනකට පෙර සඳහන් කරන ලද්දේ තමන් කිසිසේත්ම කොරෝනා එන්නත ලබා නොගන්නා බවත් තමන් කොරෝනාවලට බය නැති බවත්ය.

ඊයේ දිනයේ කොරෝනා එන්නත ලබාගත් මැති ඇමති පිරිස අතර මෙම අයද සිටී.

උදය ගම්මන්පිල
සරත් ෆොන්සේකා
තිස්ස අත්තනායක
මහින්ද අමරවීර
සුසිල් ප්‍රේමජයන්ත
හර්ෂණ රාජකරුණා
පීග දිගම්බරන්
දිලිප් වෙදආරච්චි
මයන්ත දිසානායක
ඉරාන් වික්‍රමරත්න
මොහොමඩ් මුසම්මිල්


No comments:

Post a Comment

Post Bottom Ad