කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් කැඳවන්න නියෝග - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් කැඳවන්න නියෝග

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය ආශ්‍රිත කාල සීමාවේ කිසියම් පිරිසක් විසින් කඩු 6,000ක් පමණ මෙරටට ආනයනය ලදැයි කියන සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශවලට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ රිට් පෙත්සමක් මාර්තු මස 05 වැනිදා කැඳවන දෙස අභියාචනාධිකරණය අද (18) නියම කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නොතිසි නිකුත් කිරීම සිදුකර තිබේ.

පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව කිසියම් පිරිසක් මෙරටට කඩු 6000 ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad