‘දඹුල්ල වයිකින්ග්ස්’ හිමිකරු අත්අඩංගුවට ගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

‘දඹුල්ල වයිකින්ග්ස්’ හිමිකරු අත්අඩංගුවට ගනී !

බැංකුවකින් ඉන්දීය රුපියල් කෝටි 400කට අධික ණය මුදලක් ලබාගෙන එහිදී ඇති වූ නීතිමය ගැටළුවක් සම්බන්ධයෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වූ දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ හිමිකරු වන සචින් ජෝසි නමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් විශුද්ධීකරණ වැළක්වීමේ පනත යටතේ සිදුකළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ.

මෙම අත්අඩංගුවට ගැනීම සහ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad