ජගත් මානව හිමිකම් සැසියේදී බරපතල තත්වයක් - අපිට හිතැති අතුරු යොජනාවක් අත්‍යවශ්‍යයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 6, 2021

ජගත් මානව හිමිකම් සැසියේදී බරපතල තත්වයක් - අපිට හිතැති අතුරු යොජනාවක් අත්‍යවශ්‍යයි !

පෙබරවාරි 22 වැනිදා ආරම්භ වන නියමිත ජගත් මානව හිමිකම් කොමිසමේ 46 වන සැසිවාරයේදී ඉතා බරපතල තත්වයක් ඇතිවිය හැකි බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට එවා ඇති වාර්තාව අනුව එසේ සැක සිතීම සාධාරණ බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

කොමාරිස්වරියගේ වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මේ වනවිටත් ආණ්ඩුව ප්‍රකාශ කර ඇති බවත්, එහෙත් එසේ ප්‍රතික්ෂේප කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඔහු පවසනවා.

ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන රටවල් සමග මෙම වාර්තාවට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට නිශ්චිත වැඩපිළිවෙලක් තිබිය යුතු බවත් මිත්‍ර රටක් හරහා අතුරු යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් මහානාමහේවා මහතා පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad