ගම්මන්පිලගේ බොරුව මාට්ටු -තී‍්‍රකුණාමලේ තෙල් ටැංකි ශී‍්‍ර ලංකාවට දීමට එකඟ වුණේ නෑ - ඉන්දියාව කියයි | Trincomalee oil tan - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

ගම්මන්පිලගේ බොරුව මාට්ටු -තී‍්‍රකුණාමලේ තෙල් ටැංකි ශී‍්‍ර ලංකාවට දීමට එකඟ වුණේ නෑ - ඉන්දියාව කියයි | Trincomalee oil tan


ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආපසු ශී‍්‍ර ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බව ඉන්දීය රජය හෙළි කර ඇත.

මෙම තෙල් ටැංකි සමූහය ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ එකඟ වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කර තිබිණි.
එහෙත් ඉන්දීය රජය පැවසුවේ මේ තෙල් ටැංකි සමූහය ගැන තවදුරටත් සාකච්ඡුා පැවැත්වෙන බවයි. 2015 වසරේ මැයි මස ද ශී‍්‍ර ලංකා රජය මෙම තෙල් ටැංකි ලබා ගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය.

2003 වසරේදී එවකට පැවැති එ. ජා. ප. රජය විසින් මෙම තෙල් ටැංකි ඉන්දීය අයි. ඕ. සී. සමාගමට පැවරීමේ ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. ඉන්දීය රජය ති‍්‍රකුණාමල තෙල් ටැංකි ශී‍්‍ර ලංකාවට ලබාදීමට එකඟ වූයේ නැතැයි ඉන්දිය නිව්ස්ඒෂියා වෙබ් අඩවිය ද තහවුරු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad