අමති විමලවීර වන නිලදාරීන්ට පාට් දමා අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු රැගෙනයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 15, 2021

අමති විමලවීර වන නිලදාරීන්ට පාට් දමා අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු රැගෙනයයි

නජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති විමලවීර දිසානායක අම්පාර මහ ඔය අඩවි වන කාර්යාලයට බලහත්කාරයෙන් කඩාවැදී වී එහි වන නිලධාරීන් අත්අඩංගුවට ගෙන කටඋත්තර ගනිමින් සිටි සැකකරුවෙකු මුදාගෙන නිලධාරීන්ට තර්ජනය කරමින් ගොස් ඇති බව වාර්තා වේ.

ඇමතිවරයා සමග මහ ඔය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද පැමිණ ඇති අතර ඇමති ආරක්ෂකයින්ද පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් වන නිලධාරීන් මහඔය පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවද වාර්තා වේ. එලෙස පොසිල් පැමිණිල්ලක් සම්බන්ධයෙන් දැගනගත් ඇමතිවරයාද හදිසියේ ගොස් පොලිසියට පැමිණිලි කර ඇත්තේ වන නිලධාරීන් තමන්ට පහරදීමට උත්සාහ කළ බවත් තමන්ට තර්ජනය කළ බවත් කියමිණි.

කෙසේ වෙතත් වන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ටැම්පිටිය යෝජිත රක්ෂිතයට ආසන්නයේ මහවැලි අධිකාරියට අයත් භූමියේ කැකෑල ගස් කුට්ටි කරමින් සිටියදීය.

එම රක්ෂිතයේ වැලි ජාවාරම්කරුවන් යන එම මාර්ග හරස් කිරීමට යම් පිරිසක් විසින් එම ගස් කපා පෙරලා තිබී ඇති අතර මෙම සැකකරු කුට්ටි කරමින් සිට ඇත්තේ එම ගස්.


No comments:

Post a Comment

Post Bottom Ad