‘මීලග ජනාධිපතිට ජයවේවා’ සජිත් අමතද්දී කෑ ගසයි… ජීවිතය පුදන බව සජිත් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 16, 2021

‘මීලග ජනාධිපතිට ජයවේවා’ සජිත් අමතද්දී කෑ ගසයි… ජීවිතය පුදන බව සජිත් කියයි

මගි ජන බලවේගය පක්ෂයේ පළමු සංවත්සර උත්සවය ඊයේ දිනයේ කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණි.

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණවල පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කර සිදු කල වරද මීළඟ මැතිවරණවලදී සිදුනොකරන බවයි.

ඒ වෙනුවට පොදුජන අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

වත්මන් රජයට එරෙහිව කඩිනමින් වීථි බැස විරෝධතා මාලාවක් ආරම්භ කරන බවද ඔහු කියා සිටියේය.

පොදු ජනතාවගේ ජීවිත සුරකින්නට තම ජීවීතය වුවද පරිත්‍යාග කරන බව තව දුරටත් පැවසීය.

විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම් භූමියට පැමිණෙන විට එහි නිවේදකයා ‘අනාගත ජනාධිපති තුමාට ජය වේවා’ යයි පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad