සුදු වෑන් වෙනුවට කලු වෑන් ඇවිදින් මාධ්‍යවේදියෙකු පැහැරගෙන - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 15, 2021

සුදු වෑන් වෙනුවට කලු වෑන් ඇවිදින් මාධ්‍යවේදියෙකු පැහැරගෙන

සියරට වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන සුජීව ගමගේ කලුපැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ. මාධ්‍යවේදි සූජීව ගමගේට පහරදී වෑන් රථයට දමාගත් පිරිස ඔහුට තර්ජනය කරමින් තොරතුරු ලැබෙන ආකාරය විමසා ඇති අතර පසුව තර්ජනය කොට මහමඟ දමා ගොස් ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසයි.

මෙම සිදුවීම පිළිබඳව ට්විටර් පනිවිඩයක් නිකුත් කරන හිටපු කතානායක කරු ජයසූරිය මෙම සිදුවිම 2015 ට පෙර මාධ්‍යවේදීන් අතුරුදහන් වූ යුගය නැවත සිහිපත් කිරීමක් බව පවසන අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ සහෝදර මාධ්‍යවේදීන් වෙනුවෙන් සහයෝගීතාවය අඩුවිම පිලිබඳව කනස්සල්ල පලකරයි.

-lankatruth


No comments:

Post a Comment

Post Bottom Ad