එක දිගට පරදින ක්‍රිකට් ටීම් එකට ක්‍රීඩා ඇමැති නාමල්ගෙන් අමුතු යෝජනාවක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 14, 2021

එක දිගට පරදින ක්‍රිකට් ටීම් එකට ක්‍රීඩා ඇමැති නාමල්ගෙන් අමුතු යෝජනාවක් - (video)

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ වත්මන් ජාතික කණ්ඩායම අතර ඉදිරියේදී විස්සයි 20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන 03 වන එක්දින තරගය ආරම්භයට පෙර Hari TV සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

වත්මන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් හිටපු ප්‍රවීන ක්‍රීඩකයින්ගේ ආභාෂය ලබා ගත යුතු බවද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේය.

” බලන්න ප්‍රවීන ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය.. ඔවුන් නිතරම ජයග්‍රහණය කළ යුතුයි යන තැන සිටින්නේ. ක්‍රීඩා පිටියේදී ඔවුන්ගේ අංගචලන වලින් පවා එය පෙනෙනවා. පන්දු රැකීමේදී ඩිල්ෂාන් ගේ හැකියාව බලන්න.. පිත්තෙන් අසාර්ථක වෙන විට සනත් ජයසුරිය පන්දුවෙන් දස්කම් දක්වනවා. අපේ වත්මන් ක්‍රීඩකයින් ප්‍රවීන ක්‍රීඩකයින්ගෙන් ඉගෙන ගත යුතුදේ මෙයයි” යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad