ජනපතිට චෝදනා කරමින් මහාචාර්ය නලින් තානාපතිකමින් ඉල්ලා අස්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 14, 2021

ජනපතිට චෝදනා කරමින් මහාචාර්ය නලින් තානාපතිකමින් ඉල්ලා අස්වෙයි

මියන්මාරයේ තානාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ මහාචාර්ය නලින්ද සිල්වා මහතා සිය තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ ඒ පිළිබදව නලින්ද සිල්වා මහතා තබා තිබූ සටහනකි.

‘ජනාධිපතිතුමා මා මියන්මා තානාපති ලෙස පත් කිරීමෙන් තදබල වරදක් කර තිබෙන බව පේනවා. ජනමාධ්‍යකරුවන් නිතර කියන්නේ අපේ විදේශ තානාපති කාර්යාලවලින් සේවයක් ඉටු නොවන බවයි. මා සම්බන්ධයෙන් නම් එය සියයට දෙසීයක් හරිය කියන්න පුළුවන්. පසුගිය මාසයේ මහා සංඝරත්නය ජනාධිපතිතුමාට අනුශාසනා කෙළේ හැට පිරුණු අය තානාපතිවරුන් ලෙස නොයැවිය යුතු බවයි. එසේ ම උන්වහන්සේට අනුව මියන්මා හා තායිලන්ත රටවලට බෞද්ධ දර්ශනය දන්නා සැදැහැවතුන් තානාපතීන් ලෙස පත් කළ යුතුයි.

මේ සියලු කාරණා සලකා බලා මා තානාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. මෙය අර විද්‍යාඥයකු වීමට ගොස් බැරුව ආපසු පැමිණීමේ අනෙක් එක. ඒ කෙසේ වෙතත් ධීවරයන්ගේ ප්‍රශ්නය දෙකෙන් එකක් වන තුරු හා විදේශ ඇමතිවරුන්ගේ බිම්ස්ටෙක් අතථ්‍ය රැස්වීම පැවැත්වෙන තුරු තනතුරේ රැඳී සිටීමට බලාපොරොත්තු වෙනවා. ඇතැමුන් කියන්න බැරි නැහැ එතරම් කල් ඉන්න අවශ්‍ය නැහැ කියා.


No comments:

Post a Comment

Post Bottom Ad