සෙසු පක්‍ෂ සටන අකුලාගනී.. ආසනයකට පක්‍ෂයකින් අපේක්‍ෂකයන් 03කට එකග වෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

සෙසු පක්‍ෂ සටන අකුලාගනී.. ආසනයකට පක්‍ෂයකින් අපේක්‍ෂකයන් 03කට එකග වෙති

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාසයකට එක පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාවය පළ වී තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති මන්ත්‍රී කණ්ඩායම විසින් මෙම එකඟතාවය පළ කර ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයා එය ස්ථිර කර තිබේ.

මෙම හමුව සඳහා විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ද සහභාගි වී තිබිණි.

කෙසේ වෙතත් කලින් මෙම යෝජනාවට ආණ්ඩුවේ සෙසු පක්ෂ බහුතරයක් දැඩි විරෝධය පළ කර තිබුණු අතර එම යෝජනාවට එකගතාවක් නොපැවතීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් යන ලකුණු ද පෙනෙන්ට තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad