පළාත් සභා මැතිවරණය වහා පවත්වනු.. 13 උපරිම ක‍්‍රියාත්මක කරනු..- ජිනීවා යෝජනාව සිහිගන්වමින් ඉන්දියාව ශ‍්‍රි ලංකාවට දැනුම් දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

පළාත් සභා මැතිවරණය වහා පවත්වනු.. 13 උපරිම ක‍්‍රියාත්මක කරනු..- ජිනීවා යෝජනාව සිහිගන්වමින් ඉන්දියාව ශ‍්‍රි ලංකාවට දැනුම් දේ !

ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය වහා පැවැත්විය යුතු බව ඉන්දීය රජය අවධාරණය කරයි.

එරට විදේශ අමාත්‍ය එස් ජයශංකර් සදහන් කරන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ‍්‍රී ලංකාවට සිය කැපකිරීම් ඉටු කරන්නැයි වන ජාත්‍යන්තරය ප්‍රජාවගේ ඉල්ලීමට ඉන්දියාව ද සහාය දක්වන බවයි.

13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සියලුම පළාත් සභා ඵලදායි ලෙස ක්‍රියාත්මක වීමට හැකි වීම සහතික කළ යුතු බවද අමාත්‍යවරයා ඉන්දීය රාජ්‍ය සභාව ලිඛිතව දැනුම් දී තිබේ.

ජිනීවාහි දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද යෝජනාවද අමාත්‍යවරයා එමගින් සිහි ගන්වා ඇත.

ඉන්දීය මාධ්‍ය විසින් මේ බව වාර්තා කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad