ඇස්ටසෙනිකා එන්නත දුන් මෙරට පුද්ගලයන් 03ක් ලේ කැටි ගැසී මිය යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

ඇස්ටසෙනිකා එන්නත දුන් මෙරට පුද්ගලයන් 03ක් ලේ කැටි ගැසී මිය යයි

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහාම මෙරටදී ඇස්ටසෙනිකා එන්නත ලබාගත් 03 දෙනෙකු එහි සංකූලතාවයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේ දී මේ බව හෙළි කළේය.

එමෙන්ම එම එන්නත ලබාදීමෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 06 දෙනකුට රුධිරය කැටි ගැසීම සිදුවීම් වාර්තා වූ බවද ඇය පැවසීය.

සේ වෙතත් එම එන්නත ලබා දීම නිසා දීමෙන් රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාවය ගැන මේ දක්වා පැහැදිලි සාක්ෂි හෙළි වී නැතැයිද ඇමැතිවරිය පැවසීය.

එන්නත ලබා ගත් කිසියම් පුද්ගලයෙකුට සංකූලතාවක් ඇති වූවොත් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ලබාදී ඇතැයි ද ඇය කියා සිටියා ය.

එන්න්ත ලබාගත් පුද්ගලයන් සඳහා වන දෙවන මාත්‍රාව ලබා දීම මැයි මස පළමු සතියේ සිට ආරම්භ කරන බවද ඇය තව දුරටත් කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad