පැලැස්තර ඇලවීම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ...අප්‍රේල් 21 විනාඩි 02ක නිහඬතාවක් රකින්න... එදින සියලු කතෝලික පාසල් නිවාඩු - කාදිනල් හිමි යළි මාධ්‍ය හමුවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

පැලැස්තර ඇලවීම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ...අප්‍රේල් 21 විනාඩි 02ක නිහඬතාවක් රකින්න... එදින සියලු කතෝලික පාසල් නිවාඩු - කාදිනල් හිමි යළි මාධ්‍ය හමුවක

පාස්කු ඉරිදා  ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහි කිරීම පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් මේවන විට කොළඹදී පැවැත්වේ.

එම මාධ්‍ය හමුව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී උන්වහන්සේ පැවසූවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙසයි.

මෙම ප්‍රහාරය පිළිබඳ නිසා විමර්ශනයක් සිදු කළ යුතු බවත් "අපිට සීනි බෝල කවන්න හදලා හරියන්නේ නෑ, ප්‍රශ්නෙට හරි විසදුමක් ඕනෑ," යැයිද උන්වහන්සේ අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරය සිදුවූ පිළිබඳ සොයා බැලීමට පැලැස්තර අනවශ්‍ය බවත් ඊට හේතු වූ කාරණා මොනවාද යන්න සොයා බැලිය යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

"ඒ වෙලාවට පැලැස්තර ඇලවීම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ රටේ නායකයන්ගෙන්." යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම එළඹෙන අප්‍රේල් 21වන දා දිවයින පුරා පිහිටි සියලු කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad