රූ රැජින අවුල අවසන් : චූලාටයි, කැරොලයින්ටයි ඇප - පුෂ්පිකා අවසන් තීරණය දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

රූ රැජින අවුල අවසන් : චූලාටයි, කැරොලයින්ටයි ඇප - පුෂ්පිකා අවසන් තීරණය දෙයි

විවාහක රූ රැජින කිරුළ සම්බන්ධව දැඩි මතභේදාත්මක සිදුවීමකට සම්බන්ධ වූ හිටපු ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ නිරූපන ශිල්පිනි චුලා පද්මේන්ද්‍ර යන මහත්මින්ට එරෙහිව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් ගොනු කර නඩු විභාගය අද (19) දිනයේ දී විභාගයට ගැනුණි.

ඒ අනුව නඩු විභාගය කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනුණු අතර මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර සිටියේ කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍රව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසය.

මෙම නඩුව සමථයකට පත් කර ගැනීමට නඩුව ගොනු කළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය එකඟතාවය පළ කර ඇති බවද ඇයගේ නීතිඥවරුන් අධිකරණ වෙත දන්වා තිබේ.

පුෂ්පිකා ද සිල්වා මහත්මියට සුළු තුවාල සිදුකිරීම, බියගැන්වීම, බලපෑම් කිරීම හා අභූත චෝදනා එල්ල කිරීම යන චෝදනා කිරීම් සඳහා කැරලොයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර යන මහත්මීන්ව  පසුගිය 08 වැනිදා කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනුණත් පසුව පොලිස් ඇප මත මුදා හැරියේය.

No comments:

Post a Comment

Post Bottom Ad