"ඔය පනතෙන් වැඩක් නැහැ... මහත්තයෝ 2/3 හම්බවෙන්නේ නැහැ මුන්ව සල්ලිවලට ගන්නවා" - කුමාර වෙල්ගම නාමල්ගේ මූනටම කියයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

"ඔය පනතෙන් වැඩක් නැහැ... මහත්තයෝ 2/3 හම්බවෙන්නේ නැහැ මුන්ව සල්ලිවලට ගන්නවා" - කුමාර වෙල්ගම නාමල්ගේ මූනටම කියයි - (video)

නව ක්‍රීඩා පනත සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය නම් එය කිසි දිනෙක ගැනීමට නොහැකි බව කුමාර වෙල්ගම සමගි ජන බලවේග මන්ත්‍රීවරයා නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දෙන ලදී. ඊට හේතුව ද පෙන්වා දෙමින් වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේ ක්‍රීඩා සංගම් අරක්ගෙන සිටින පුද්ගලයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව මෙම පනතේදී මුදලට ගන්නා බවය.

ඊට පිළිතුරු දෙමින් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ක්‍රීඩාවේ උන්නතිය ගැන කතා කළ ආකාරයට එවැන්නක් සිදු වෙතැයි තමන් නොසිතන බවත් නව ක්‍රීඩා පනත සම්මත කරගැනීමට තුනෙන් දෙකක් අවශ්‍යද නැතිනම් සරල බහුතරයෙන් එය සම්මත කළ හැකි ද යන්න තීරණය කරන්නේ නීතිපතිවරයා බවද සඳහන් කරන ලදී.

තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ගේ යුතුකම හා වගකීම ඉටුකරන බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු - විපක්ෂ සියල්ලන්ගේම සහයෝගය ලබාදීම ඒ අයගේ යුතුකම හා වගකීම බවද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad