‘නැවත අප හා එක්වන්න’ – චන්ද‍්‍රිකාට දයාසිරිගෙන් ලිපියක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

‘නැවත අප හා එක්වන්න’ – චන්ද‍්‍රිකාට දයාසිරිගෙන් ලිපියක් !

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නැවත එක් වන්නේ නම් එය ගෞරවයක් සේ සලකන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ඇයට දන්වා තිබේ. හිටපු ජනාධිපතිනිය වෙත ලිපියක් යවමින් මහ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පක්ෂය සමග ගැටලුවක් ඇත්නම් පක්ෂ සභාපති වරයා හා නිලධාරි මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳා ගත හැකි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමක් අවලංගු කරන්නැයි දන්වමින් හිටපු ජනාධිපතිනිය විසින් මහ ලේකම්වරයා වෙත යොමු කර තිබූ ලිපියට පිළිතුරු දෙස ඔහු එසේ දන්වා ඇත.

හිටපු ජනාධිපතිනියට එම කාරක සභාවට ආරාධනා කර නැත්තේ ඇය පසුගිය ජනාධිපතිවරණයේ දී පක්ෂ තීරණයට විරුද්ධව යමින් සජිත් ප්‍රේමදාස මහතාටත් සහාය දීම බවද මහ ලේකම්වරයා සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad