අරක්කු කසිප්පු වෙනස කසිප්පු පොඩ්ඩක් ගද වීමයි - පුවත්පත් මණ්ඩල සභාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 2, 2021

අරක්කු කසිප්පු වෙනස කසිප්පු පොඩ්ඩක් ගද වීමයි - පුවත්පත් මණ්ඩල සභාපති

රක්කු සහ කසිප්පු අතර වෙනස කසිප්පු ටිකක් ගඳවීම, පොෂ් නැති වීම හා බෝතල් වල ලේබල් නැති වීම බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

කසිප්පු වලට විරුද්ධ අය අරක්කුවලට විරුද්ධ නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

සුළු පරිමාණයෙන් කසිප්පු පෙරන අය සදහා සහනයක් ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කල ඉල්ලීම සම්බන්ධයෙන් මතුව තිබෙන සාකච්ඡාව මැද ඔහු මෙම අදහස් පළ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad