උවිඳු විජේවීර ඊලඟ පිම්මට සූදානම්! විමල්, පෙරටුගාමීන් එක්ක සාකච්ඡා කරයි - දේශපාලන පක්ෂය ලියාපදිංචියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

උවිඳු විජේවීර ඊලඟ පිම්මට සූදානම්! විමල්, පෙරටුගාමීන් එක්ක සාකච්ඡා කරයි - දේශපාලන පක්ෂය ලියාපදිංචියට

දෙවන පරපුර නමින් සංවිධානය වී සිටින ව්‍යාපාරය අනිවාර්යෙන්ම නීත්‍යානුකූලව දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කරන බව රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මහතා පවසයි. දෙවන පරපුර ව්‍යාපාරය ස්වාධීනව පටන්ගත් දෙයක් බවත් දෙවන පරපුර කාටවත් විකිණිලත් නෑ. විකිණෙන්නෙත් නැති බවත් ඔහු අවධාරණය කළේය.

තමා මේවන විට ජවිපෙ, ජාතික නිදහස් පෙරමුණ, පෙරටුගාමී යන පක්ෂවල නායකයින් සමග සාකච්ඡා කර ඇති බවත් ඒවා සැඟවිය යුතු නැති බවත් පෙන්වා දෙන උවිඳු විජේවීර මහතා යම් සුළු පිරිසක් තමන්ට එරෙහිව මඩ ප‍්‍රචාර සිදු කරන බවත් එය ජවිපෙ පහළ ස්ථරයේ සාමාජිකයා කරන දෙයක් නොවන බවත් කියා සිටියේය.

එම මඩ ප්‍රචාර පිටුපස ජවිපෙ නායකයින් සිටිනවාද යන්න තමාට කිව නොහැකි බවත් මේ ගමන අපි යන්නෙ දේශපාලන ගමනක් එක්ක බවත් ඔහු සඳහන් කළේය.

දැනට දිස්ත‍්‍රික්ක 11ක දෙවන පරපුර ව්‍යාපාරයේ සාමාජිකත්වය කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බවත් එක්තරා ආකාරයකට මේකත් අරගලයක් බවත් ශ‍්‍රී ලාංකිකයෝ හැටියට මේ රටට අවංක ජාතික දැක්මක් සහිත වැඩපිළිවෙළක ලොකු අවශ්‍යතාවක් මේ මොහොතේ නිර්මාණය වී තිබෙන බවත් ඒ වෙනුවෙන් ‘‘දෙවැනි පරපුර’’ කියන ව්‍යාපාරය ආරම්භ කළ බවත්  උවිඳු විජේවීර මහතා වැඩිදුරටත් පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad