නේවි එකටවත් ඇතුළුවන්න නොදෙන නැවක් හම්බන්තොට වරායේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

නේවි එකටවත් ඇතුළුවන්න නොදෙන නැවක් හම්බන්තොට වරායේ !

නාවික හමුදාවට හෝ ඇතුළුවීමට අවසර ලබා නොදුන් නෞකාවක් හම්බන්තොට වරායේ ඇතැයි විපක්ෂ නායකවරයා අද (21) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එම නෞකාවේ විකිරණශිලී ද්‍රව්‍ය ඇති බව පරමානුක බලශක්ති අධිකාරිය වාර්තා කර ඇතැයි ද ප්‍රේමදාස මහතා කීය.

වැඩිදුරටත් මේ පිළිබඳව විපක්ෂ නායකවරයා මෙසේද කියා සිටියේය.

”කරුණාකර මේ කාරණාව ගැන සොයා බලා හම්බන්තොට වරායට ආපු මේ විදේශීය නැව ඇත්ත වශයෙන්ම විකිරණශිලි ද්‍රව්‍ය රැගෙන ආව ද? පරමාණුක බලශක්ති අධිකාරියේ තොරතුරු අනුව මේක සත්‍යයක් ද? අසත්‍යයක් දැයි සොයා බලා රට ගැන සිතා මෙවැනි නැවක් එලෙස පැමිණියේ නම්, වහාම පිටමං කිරීමට කටයුතු කරන්න..”
මේ අතර අප කළ විමසීමකදී පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා සඳහන් කළේ , ඊයේ (20) රාත්‍රියේ හම්බන්තොටට පැමිණ ඇති මෙම නෞකාවේ විකිරණශිලි ද්‍රව්‍ය ඇතැයි, තමන්ට වාර්තා වී ඇති බවයි.

නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇති වූ බව කියන යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවී ඇතැයි ඔහු පැවසී ය.

නමුත් නෞකාවේ උපද්‍රවකාරි ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු නිසි පරිදි ලබාදී නොමැති බව ද අනිල් රංජිත් මහතා පැවසී ය.

මේ අනුව නෞකාව වහාම හම්බන්තොට වරායෙන් පිටතට රැගෙන යන ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම් දී තිබේ.

නාවික හමුදාවෙන් අප කළ විමසුමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, තවමත් මෙම නෞකාව පිටත වරායේ නැංගුරම් ලා ඇති බවයි.

මූලාශ්‍රය - නිවුස් ෆස්ට්

No comments:

Post a Comment

Post Bottom Ad