හිට්ලර් කතාවට ජර්මනියෙන් ඇමති දිළුම්ට දරුණු ප‍්‍රතිචාරයක් - ජනපතිත් ගෑවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 14, 2021

හිට්ලර් කතාවට ජර්මනියෙන් ඇමති දිළුම්ට දරුණු ප‍්‍රතිචාරයක් - ජනපතිත් ගෑවේ


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු විය යුතු බවත් ජනතාව බලාපොරොත්තු වන්නේ එය බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයකට කොළඹ සිටින ජර්මානු තානාපතිවරයා ප්‍රතිචාර දක්වයි.

ඔහු තම ට්විටර් ගණුමේ තබා ඇති සටහනකින් මෙසේ සඳහන් කරයි.

‘හිට්ලර් කෙනෙක් ලංකාවට වාසිදායක තත්ත්වයක් උදාකරනු ඇතැයි පැවසෙන ප්‍රකාශයක් මට අහන්නට ලැබුණා.

එවැනි අදහසක් පළ කරන අයට මම මතක් කරන්න කැමතියි ඇඩොෆ් හිට්ලර් කියන පුද්ගලයා ඉතිහාසයේ අන් කවර පුද්ගලයකුටත් වඩා ජනතාව පීඩාවට දුක්බර තත්ත්වයට පත්කල නායකයෙක්. ඔහු මිලියන ගණනක් ජීවිත අහිමි කළා.

නිසැකවම ඔහු කිසිදු දේශපාලකයකුට පරමාදර්ශී චරිතයක් නොවේ’

No comments:

Post a Comment

Post Bottom Ad