විවාහක රූ රැජිණ තරගයේ නිවේදකයා රැකියාවෙන් ඉවතට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

විවාහක රූ රැජිණ තරගයේ නිවේදකයා රැකියාවෙන් ඉවතට

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයෙන් නිවේදන කටයුතු කළ නිවේදකයාගේ නිත්‍ය රැකියාව අහිමි වී ඇතැයි වාර්තා වෙයි.

ඔහු මෙරට නාලිකාවක ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කර ඇති අතර විවාහක රූ රැජන තරගාවලියෙන් නිවේදන කටයුතු සිදු කිරීම නිසා සේවය අවසන් කර ඇතැයි එම රූපවාහිනී ආයතනය විසින් දැනුම්දී තිබේ.

අදාල දැනුම්දීම් මගින් සඳහන් කර ඇත්තේ වෙනත් උත්සවයක නිවේදනය කිරීම තම ආයතනයේ නීතිරීතිවලට පටහැනි බැවින් සේවය අවසන් කර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad