රතන හිමියන් ‘හා’ කියයි: ආණ්ඩුව ‘බෑ’ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

රතන හිමියන් ‘හා’ කියයි: ආණ්ඩුව ‘බෑ’ කියයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගිවීමට අවස්ථාව ලබාදෙන ලෙසට අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබේ. පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ආසන නියෝජනයක් ඇති තවත් පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බැවින් රතන හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

රතන හිමියන්ට දැනටමත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදී ඇත.

විශේෂ තත්ත්වයක් යටතේ එවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කථානායකවරයාගේ පූර්ව අවසරය සහිතව රැස්වීම්වලට සහභාගි විය හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අතුරලියේ රතන හිමියන්ට දැනුම් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad