විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය පොලිස් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

ඔහු විසින් පදවන ලද ජීප් රථයක් ඊයේ රාත්‍රියේ 10.30 ට පමණ රාජගිරිය ප්‍රදේශයේදී මෝටර් රථය ගැටී ඇත.

අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad