ගංජා වගාව නීතිගත කල යුතුයි.. රාත‍්‍රී 01.00 තෙක් බාර් විවෘත කල යුතුයි - ඩයනාගෙන් අලුත්ම යෝජනාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

ගංජා වගාව නීතිගත කල යුතුයි.. රාත‍්‍රී 01.00 තෙක් බාර් විවෘත කල යුතුයි - ඩයනාගෙන් අලුත්ම යෝජනාවක්

කංසා වගාව නීතිගත කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

ඉන්පසු රජයේ අනුග්‍රහයෙන් කංසා වගා කර එම අස්වනු පිටරට යැවිය යුතු යයිද ඇය පැවසීය.

ඉන් ලැබෙන මුදල් රටේ ණය වීමට ප්‍රමාණවත් බව ද ඇය සඳහන් කළාය.

සංචාරක හෝටල්වල සුරාසැල් රාත්‍රී 01.00 වනතෙක් වත් විවෘත කර කර තැබිය යුතු බවද පැවසූ ඇය සාමාන්‍ය සුරාසැල් උදේ 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත කර තැබිය යුතු බවද සඳහන් කළාය.

මෙරටට රාත්‍රි ආර්ථිකය නම් සංකල්පය හඳුන්වා දියයුතු බවත් ඉන් රට ගොඩ දැමීමට හැකි බවත් ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad