සජබ මන්ත‍්‍රීනිය ගැබිණි මන්ත‍්‍රීනියකට පහර දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

සජබ මන්ත‍්‍රීනිය ගැබිණි මන්ත‍්‍රීනියකට පහර දේ !

මහරගම නගර සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම පොලිසිය සඳහන් කරන්නේ එම නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරියක ට පහර දුන්නේ යැයි චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම කරන ලද බවයි.

පහර කෑ මන්ත්‍රීනිය ගැබිනියක් වන අතර ඇය පහර කෑම හේතුවෙන් ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඉකුත්දා පැවති අවමංගල උත්සවයකට සහභාගි වීමේ දී දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව පහර දී තල්ලු කර දැමූ බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරිය පොලීසියට සිදු කළ පැමිණිල්ලේ දැක්වේ.

එදින තමනට හටගත් උදරයේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත වූ බවද ඇය පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad