සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා - විජේදාස සාප කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා - විජේදාස සාප කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට සෙත් පිරිත් සජ්ඣායනයක් කර ආශිර්වාද කිරීමට මහා සංඝරත්නය ඊයේ දිනයේ නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියහ.

ඉන් අනතුරුව ද මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත ඔහු අදහස් පළ කළේය.

යෝජනා වී ඇති වරාය නගර පනතින් පසු බදු දීමක් අවශ්‍ය නොවන බවත් කෙලින්ම විකුණා දැමිය හැකි බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

පසුගිය අප්‍රේල් 12 වනදා නිවාඩුවක් ලබා දුන්නේ මෙම පනත අධිකරණය හමුවට නොයා නඩු නැතුව සම්මත කරගැනීමට බවද ඔහු පැවසීය.

‘මේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට අත්කර දෙන්න එපා.. අද විතරක් නෙවෙයි අනාගතයේ ඉපදෙන හැම දරුවෙක්ම මිනී වළටත් හෙණ ගහන්න කියා සාප කරාවි. ඒ සාපය ඔබට වැදුනෙ නැත්නම් ඔබේ හත්මුතු පරම්පරාවේ දූ දරුවන්ට හරි වදිනවා’ යයිද පැවසූ ඔහු හැට නම ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් තමන් තනිවම හෝ සටන් වදින බවත් තමන්ට ඒ සඳහා ශක්තිය ඇති බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad