CID කැදවූවත් හරීන් නවලෝක රෝහලේ.. රුධිර පීඩනය හා නාඩි වේගය ඉහලටම - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 22, 2021

CID කැදවූවත් හරීන් නවලෝක රෝහලේ.. රුධිර පීඩනය හා නාඩි වේගය ඉහලටම

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද දිනයේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. පාස්කු දිනයේ මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මෙම කැඳවීම සිදුකර තිබේ.

කෙසේ නමුත් මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මන්ත්‍රීවරයාගේ සුව දුක් බැලීමට එහි ගොස් තිබින.

එම අවස්ථාවේ පින්තූර අනුව හරීන් ප්‍රනාන්දු මහතාට සවිකර ඇති යන්ත්‍ර වලින් පෙන්වන්නේ ඔහුගේ රුධිර පීඩනය සහ හද ගැස්ම සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad