තැන තැන කොරෝනා පොකුරු.. කොලඹ නගරය නවදිල්ලිය මෙන් වනු ඇතැයි පුරෝකතන කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 22, 2021

තැන තැන කොරෝනා පොකුරු.. කොලඹ නගරය නවදිල්ලිය මෙන් වනු ඇතැයි පුරෝකතන කෙරේ !

අවුරුදු සමය නිමා වීමෙන් පසුව රට තුළ බොහෝ ප්‍රදේශවල කොරෝනා උප පොකුරු මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම උප පොකුරු පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී ගියහොත් කොළඹ නගරයද නවදිල්ලිය මෙන් අවදානම් තත්ත්වයට පත්විය හැකි බව ද ඔවුන් අනතුරු අඟවයි.

මේ වන විට උප පොකුරු මතුව ඇත්තේ කොළඹ ගම්පහ කුරුණෑගල ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවලනි.

ආසාදිතයන් හඳුනාගැනීම සඳහා රජය විසින් සිදුකරන පරීක්ෂණ ද මේ වන විට ඉහළ දමා තිබේ.

ආසාදිතයන් වැඩි ප‍්‍රදේශ හුදෙකලා කිරිමටද රජය කටයුතු කරමින් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad